තාක්ෂණ අධ්‍යාපන දෙපාර්තමේන්තුව
![]() |
නම | Dr. K.G.W.K. Katukurunda |
තනතුර | අධ්යක්ෂ |
කාර්යාල දුරකථන අංකය. | +94-11-7601601 |
ෆැක්ස් අංකය. | |
විද්‍යුත් තැපෑල | [email protected] |
|
කාර්යය මණ්ඩලය
නම | තනතුර | විද්‍යුත් තැපෑල |
ආචාර්ය කේ.ජී.ඩබ්.කේ. කටුකුරුන්ද මයා | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | [email protected] |
ඊ.ඒ.සී.එන්. පෙරේරා මිය | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | [email protected]
|
ආචාර්ය එල්.ඩබ්.ආර්.ද අල්විස් මිය | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | [email protected]
|
එම්.කේ.ඞී. දේශප්‍රිය මයා | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | |
කේ.එම්.ජී.එන්.ටී. ඩයස් මිය | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | [email protected]
|
ජී.කේ. ගමගේ මිය | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | [email protected]
|
ආචාර්ය එස්.එම්.එල්.පී. සුභසිංහ මිය | ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය | [email protected]
|
පී.ඊ. ඉලූක්කුඹුර මිය | සහකාර කථිකාචාර්ය | |
ජී.ආර්.පී.එම්. සමරනායක මෙණෙවිය | සහකාර කථිකාචාර්ය | |
ජේ.එච්.ඒ.ටී. රත්නායක මිය | සහකාර කථිකාචාර්ය | |
පී.එන්.එම්. පෙරේරා මහතා | සහකාර කථිකාචාර්ය | |
ඞී.එස්.ආර්.එස්.එස්. ගුණවර්ධන මෙණෙවිය | සහකාර කථිකාචාර්ය | |
කාන්ති ඒකනායක මිය | කාර්මික සහකාර. I | |
සී.එම්.ජේ.එම්. විතානගම මයා | කාර්මික සහකාර - II | |
එන්.ඩබ්.ඞී.පී. කුමාරසිරි මිය | කළමනාකරණ සහකාර - II | |
එන්.එම්.එන්.ඒ. කරුණාතිලක මිය | කළමනාකරණ සහකාර - III | |
එස්.ඒ.ඞී. චතුරංගි මෙනවිය | කාර්යාල ආධාරක - III | |
තාක්ෂණික අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන විෂයානුබද්ධ ව්‍යාපෘති
ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා 6 - 9 ශ්‍රේණි
කෘෂිකර්මය හා ආහාර තාක්ෂණය 10 - 11 ශ්‍රේණි
ධීවර කර්මාන්තය හා ආහාර තාක්ෂණය 10 - 11 ශ්‍රේණි
නිර්මාණකරණය හා තාක්ෂණවේදය 10 - 11 ශ්‍රේණි
කලා ශිල්ප 10 - 11 ශ්‍රේණි
ගෘහ ආර්ථික විද්‍යාව 10 - 11 ශ්‍රේණි
කෘෂි විද්‍යාව 10 - 11 ශ්‍රේණි
ගෘහ ආර්ථික විද්‍යාව 12 - 13 ශ්‍රේණි
අ.පො.ස. (උසස් පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාව 12 - 13 ශ්‍රේණි
o ඉංජිනේරු තාක්ෂණවේදය
o ජෛව පද්ධති තාක්ෂණවේදය
o තාක්ෂණවේදය සඳහා විද්‍යාව
දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යභාරය
1. සෑම විෂයක් සඳහා ම විෂයමාලා ද්‍රව්‍ය (උපකරණ) නිර්මාණය කිරීම.
1.1. අදාළ විෂය නිර්දේශ සකස් කිරීම.
1.2. ගුරු මාර්ගෝපදේශ සකස් කිරීම.
1.3. සිසුන් සඳහා අතිරේක කියවීම් පොත් සකස් කිරීම.
2. පද්ධතියේ සිටින අධ්‍යාපන නිලධාරින් දැනුම්වත් කිරීමේ වැඩසටහන්
3. ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රියාවලිය පහසු කිරීම සඳහා විෂය අධ්‍යක්ෂවරුන්, ගුරු උපදේශකවරුන් හා ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය කිරීම.
4. නව විෂයමාලාව පාසල් මට්ටමෙන් ක්‍රියාත්මක වීම පිළිබඳ අධීක්ෂණය කිරීම.
5. විෂය හා නව ඉගෙනුම් - ඉගැන්වීම් ක්‍රමවේද ජනප්‍රිය කරවීම.
ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා ව්‍යාපෘති
6 වන ශ්‍රේණියේ සිට ඉගැන්වීම් ආරම්භ කරන ප්‍රායෝගික තාක්ෂණ කුසලතා (PTS) විෂය 9 වන ශ්‍රේණිය දක්වා අනිවාර්ය විෂයයක් වනු ඇත. තව ද මෙම විෂය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් හඳුන්වා දෙනු ලැබූ අතර මෙය පාසල් පද්ධතිය තුළ නව්‍යකරණය වූ එක් ක්ෂේත්‍රයකි. ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා විෂයයෙහි ප්‍රධාන ලක්ෂණය වනුයේ, 6 - 9 ශ්‍රේණි සිසුන්ට දෙනු ලබන ප්‍රායෝගික හා තාක්ෂණික ක්‍රියාකාරකම්වල නිරතවීමට ලබා දෙන අධ්‍යයන අවස්ථා හා එමගින් ඔවුන් ප්‍රිය කරන ක්ෂේත්‍ර තුළ නිර්මාණාත්මක හැකියාවන් දියුණු කර ගැනීමට යොමු කිරීමයි.
ප්‍රායෝගික හා තාක්ෂණ කුසලතා විෂය හා සම්බන්ධ වෙනත් තාක්ෂණික ක්ෂේත්‍ර
• කෘෂිකර්මය
• ආහාර
• මූලික තාක්ෂණය
• චිත්‍රණ
• වෙළඳ කටයුතු
මීට අමතර ව මෙම විෂය, තොරතුරු සන්නිවේදන තාක්ෂණය ICT විෂයේ මූලික කුසලතා ඉහත සඳහන් විෂයන්ට අදාළ ව දරුවන්ට ලබා ගැනීමට අවස්ථාව සලසා දෙයි. මෙම වැඩසටහන යටතේ ආවරණය කරනු ලබන ප්‍රධාන ක්‍රියාකාරකම් වනුයේ ක්‍රමවේද හා සම්පත් හඳුනාගැනීම, ක්‍රියාකාරී සැලසුම් සැකසීම, විෂයමාලාවට අදාළ ඇගයීම් උපකරණ සම්පාදනය හා සංවර්ධනය කිරීම, පුහුණුකරුවන් පුහුණු කිරීම, සේවාස්ථ පුහුණු වැඩසටහන් සැකසීම හා නියාමන වැඩසටහන් අධීක්ෂණය කිරීම ආදියයි. මීට අමතර ව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වී 6 - 9 ශ්‍රේණි සඳහා පෙළපොත් සැකසීම හා සංවර්ධනය කිරීමේ කටයුතුවලට සහාය දැක්වීම ද සිදු කරයි.
අරමුණු
• පුළුල් පංච තාක්ෂණ විෂය පථයන්ට අදාළව ප්‍රායෝගික කුසලතා ග්‍රහණය කර ගෙන ඉදිරියට ගෙන යාමට
• ප්‍රායෝගික හා තාක්ෂණ ක්‍රියාකාරකම්වල නිරත වන විට අදාළ උපකරණ හා මෙවලම් තෝරා ගැනීම හා භාවිත කිරීමට
• වේගයෙන් විකාශය වන තාක්ෂණයට සම්බන්ධ තොරතුරු තෝරා ගැනීමට හා අර්ථවත් ආකාරයෙන් පෙළගැස්වීමට (සැකසීමට)
• එදිනෙදා ජීවිතයේ වර්ධනය සඳහා ප්‍රිය උපදවන ක්‍රියා පුරුදු හා චර්යා වර්ධනය කිරීමට.
• ස්වශක්තිය මඟින් ආත්ම විශ්වාසය වර්ධනය කර ගැනීමත් ක්‍රියාකාරී නව නිර්මාණකරණයටත් උනන්දු වීමට
• විවිධ ක්‍රියාකාරකම් මඟින් ග්‍රහණය කර ගන්නා ලද අත්දැකීම් හා කුසලතා සමෝදානය කර ගනිමින් ක්‍රමවත් ව ව්‍යාපෘති සම්පූර්ණ කිරීමට හැකියාව ලබා ගැනීම
කෘෂිකර්ම හා ආහාර විද්‍යාව
විෂය අරමුණු
• විද්‍යාව හා තාක්ෂණය මඟින් පාරම්පරික කෘෂිකර්මයට නව අර්ථකතනයක් ලබා දීමට
• පාරිසරික සම්පත් තිරසාර ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනීමට
• සත්ව පාලනය හා සම්බන්ධ විද්‍යාත්මක හා ප්‍රායෝගික කුසලතා වර්ධනය කිරීමට
• අස්වැන්න පාඩුවීම අවම කරගැනීමට, කෘෂිකාර්මික හා සත්ව නිෂ්පාදන කල් තබා ගැනීමට සුදුසු තාක්ෂණය යොදා ගැනීමට
• රටේ සමාජ ආර්ථික සංවර්ධනය සඳහා තරුණයන් කෘෂිකර්ම සංවර්ධනය සඳහා ආකාර්ෂණය කර ගැනීමට හැකියාව ලබා ගැනීම
ධීවර හා ආහාර තාක්ෂණය
විෂය අරමුණු
• රටතුළ ඇති ජලජ සම්පත් ප්‍රමාණය හා එහි විවිධත්වය අවබෝධ කරගැනීමට
• ජලජ පරිසර පද්ධතිය හා ජලජ සම්පත් නොනැසී පවත්වාගෙන යාම සඳහා සහතික වීමට
• සුදුසු සංරක්ෂණ ක්‍රම භාවිතය හා පරිහරණය මගින් ධීවර සම්පත් නාස්තිය අවම කරගැනීමට
• මිනිසුන්ගේ පෝෂණ හා සමාජ තත්වය යාවත්කාලීන කිරීමට
• ධීවර කර්මාන්තය මගින් ජාතික ආර්ථික සංවර්ධනයට දායකත්වය දීමට
• ධීවර ජනතාවගේ සමාජීය සංවර්ධනයට දායකත්වය දීමට හැකියාව ලබා ගැනීම
නිර්මාණකරණය හා තාක්ෂණවේදය
විෂය අරමුණු
• විසඳුම් ලබා දීම සඳහා ගැටලු හෝ අවස්ථා හඳුනා ගැනීමට හා ඒවා විශ්ලේෂණය කිරීමට අවස්ථා සපයා දීමට
• හඳුනාගත් ගැටලු සඳහා විකල්ප විසඳුම් සොයාගැනීම
• නිර්මාණකරණය සඳහා සුදුසු තාක්ෂණය යොදා ගැනීමට
• නිෂ්පාදන සංවර්ධනය සඳහා වඩා උචිත මෙවලම් හා උපකරණ සුරක්ෂිත ව හා නිවැරදි ව භාවිත කිරීමට
• පිරිසැකසුම් නිෂ්පාදනය සඳහා විවිධ වර්ගයේ අමුද්‍රව්‍ය සකසුරුවම් අයුරින් භාවිත කිරීමට
• නිර්මාණකරණ ක්‍රියාවලියේ දී සම්පත් කළමනාකරණය කරගැනීමට
• නිෂ්පාදන ඇගයීමට
• නව අදහස් සන්නිවේදනය කිරීම සඳහා වාචික ව හෝ ප්‍රස්තාර ඇසුරින් හෝ ලිඛිත ක්‍රම භාවිත කිරීමට
• නිර්මාණාත්මක හැකියා, ප්‍රශ්න නිරාකරණය කිරීමේ හැකියා, උසස් චින්තන ක්‍රියාකාරකම්, තීරණ ගැනීමේ හැකියා, ව්‍යවසායකත්ව හැකියා හා සන්නිවේදන කුසලතා සංවර්ධනය කිරීමට හැකියාව ලබා ගැනීම
කලා ශිල්ප
විෂය අරමුණු
• ශ්‍රී ලාංකේය ජනකලාව අධ්‍යයන කිරීම මගින් අතීත ජනයාගේ උතුම් ජීවන රටාව හා ප්‍රෞඩ ඉතිහාසය පිළිබඳ අභිමානය උපදවා ගැනීමට
• පාරම්පරික කලා දැනුම පදනම් කරගනිමින් නව චින්තනයකට යොමු වීමට
• ජ්‍යාමිතික සටහන් භාවිත කරගනිමින් නව නිර්මාණ බිහිකිරීමට අවශ්‍ය නිවැරදි රටා යොදාගැනීමට
• කාලීන අවශ්‍යතා අනුව කලා නිර්මාණ පෙළගැස්වීමට
• කලා ශිල්ප නිපුණතා මගින් අනාගත ව්‍යවසායකත්වය කරා පියනැගීමෙන් වැඩ ලෝකයේ ජයකෙහෙලි නැංවීමට හැකියාව ලබා ගැනීම
ගෘහ ආර්ථික විද්‍යාව
විෂය අරමුණු
• ප්‍රායෝගික හා ගැටලු නිරාකරණය කිරීමේ උපක්‍රම භාවිත කරමින් විවිධ ක්ෂේත්‍ර තුළ ගෘහ කළමනාකරණය කරමින් ආත්මවිශ්වාසය හා ආත්මගරුත්වය ගොඩනගා ගැනීමට අවශ්‍ය සෞඛ්‍ය සම්පන්න පෝෂණ පුරුදු සඳහා දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කිරීමට
මනා පෝෂණයක් හා පැවැත්ම සඳහා වගකීම් දැරීමට සෞඛ්‍ය සම්පන්න පෝෂණ පුරුදු ඇති කරගනිමින් නව දැනුම ආකල්ප හා කුසලතා සංවර්ධනය කර ගැනීමට
• ගෘහ ආර්ථිකය සඳහා පවතින අවස්ථාව පිළිබඳ දැනුම්වත් වීමට
• වාසිදායක ආකල්ප හා සදාචාරය ඉගෙන ගනිමින් තම පෞද්ගලික හා සමාජීය කුසලතා වර්ධනය කර ගැනීමට හැකියාව ලබා ගැනීම
තාක්ෂණ විෂය ධාරාව
විෂය අරමුණු
• එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන තාක්ෂණික කුසලතා සංවර්ධනය කර ගැනීමට
• වැඩ ලෝකයේ දී ඇති වන ගැටලු සඳහා තාක්ෂණික විසඳුම් සපයා දීමට අවශ්‍ය කුසලතා සංවර්ධනය කිරීමට
• රැකියා මූලික කුසලතා සංවර්ධනය කරගැනීමට
• තාක්ෂණ අධ්‍යයනය, ජාතික සුදුසුකම් රාමුව හා සම්බන්ධ කිරීම සඳහා අවස්ථා සැපයීමට හැකියාව ලබා ගැනීම