ජාතික අධ්‍යාපන ආයතනය

Skip Navigation Links

කාර්යය මණ්ඩල දැනුවත් කිරීමේ වැඩසටහන - ජාතික අධ්‍යාපන ආයතනයේ ආරක්ෂාව තහවුරු කිරීම - 2019, මැයි 07


රටේ පවතින වර්තමාන ආරක්ෂක තත්ත්වය මුල් කර ගනිමින් ආරක්ෂාව සඳහා ගෙන තිබෙන ක‍්‍රියා මාර්ගවලට අමතරව ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා විශේෂ දේශන කිහිපයක් පවත්වා ආරක්ෂාව පිළිබඳ ව දැනුවත් කිරීමේ වැඩසටහනක් අධ්‍යක්ෂ ජනරාල්තුමියගේ ප‍්‍රධානත්වයෙන් 2019.05.07 දින ආයතන පරිශ‍්‍රයේ දී පැවැත්විණි. එම අවස්ථාවට ආරක්ෂක සේනා මූලස්ථානයේ (බටහිර* මේජර් චින්තක විතානගේ මහතා සහභාගී වෙමින් රටේ පවත්නා වර්තමාන ආරක්ෂක තත්ත්වය හා ත‍්‍රස්තවාදීන්ගේ වර්තමාන ක‍්‍රියාමාර්ග මැයෙන් දේශනයක් ද, මහරගම පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂක එන්. ඒ. පියරත්න මහතා විසින් මහරගම නගරයේ හා ආයතනයේ ආරක්ෂාව සඳහා පොලිස් දෙපාර්තමේන්තුව ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳ දේශනයක් ද මෙහිදී පවත්වනු ලැබීය. රාජ්‍ය ආයතනවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගෙන යන වැඩ පිළිවෙලට සමගාමීව අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩසටහන ක‍්‍රියාත්මක විය.


© 2024 - Department of IT, National Institute of Education, P.O. Box 21, High Level Road, Maharagama, Sri Lanka