පර්යේෂණ හා සැලසුම් පීඨය
දෙපාර්තමේන්තු
පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව
සැලසුම් හා ඇගයීම් දෙපාර්තමේන්තුව
පීඨ අභිමතාර්ථ
අධ්‍යාපන සංවර්ධනයට අදාළ විවිධ මතවාද ඔස්සේ, විකල්ප ප්‍රතිපත්ති සැකසීම පිණිස පර්යේෂණයන්හි දී කෙරෙන විශ්ලේෂණ මඟින් විද්‍යාත්මක තොරතුරු උත්පාදනය කිරීම.
ගුරුවරුන්ගේ පර්යේෂණ දැනුම හා භාවිතයන් වර්ධනය සඳහා ක්‍රියා මූලික පර්යේෂණ ඵල තත්වය පාසල් මට්ටමින් ඉහළ නැංවීම.
සියලු ම අධ්‍යාපන පාර්ශ්ව කරුවන් තුළ පර්යේෂණ දැනුම පුළුල් කිරීම.
සිත්ගන්නා සුලු සැලසුම් , අයවැය, නියාමනය හා ඇගයීම් තුළින් ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යක්ෂමතාවයෙහි සහ කාර්යසාධනයෙහි නිම්වළලු පුළුල් කිරීම.
ආයතනයෙහි ගුණාත්මකබව වර්ධනය කිරීම සඳහා මූල්‍යමය හා තාක්ෂණික සහයෝගය ලබා ගැනීම පිණිස විදේශීය ආයතන සමඟ පවත්නා සම්බන්ධතා ශක්තිමත් ව ස්ථාපිත කිරීම.
අධ්‍යාපන පර්යේෂණ හා සංවර්ධන දෙපාර්තමේන්තුව ඕනෑම ස්වරූපයක අධ්‍යාපනමය සංවර්ධනයක් සඳහා වන පර්යේෂණ හා සමීක්ෂණ කටයුතු ආරම්භ කර ,
ඉහළ මට්ටම් කරා ගෙන එමින් මෙහෙයවීම හා සම්බන්ධීකරණ කටයුතු කරගෙන යයි.ශ්‍රී ලංකා අධ්‍යාපන පද්ධතියේ සංවර්ධනය සඳහා උචිත සැලසුම් , වැඩසටහන් හා
ක්‍රියාකාරකම් පිළිබඳ අධ්‍යාපන ඇමතිතුමාට හා අධ්‍යාපන දෙපාර්තමේන්තුවට උපදෙස් සැපයීම පිණිස අධ්‍යාපන ප්‍රතිපත්ති පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා ප්‍රමුඛත්වය ලබා දි ඇත.
සැලසුම් හා ඇගයීම් දෙපාර්තමේන්තුව වාර්ෂික ප්‍රතිපත්ති සැලසුම් සිදුකරනුයේ ජාතික අධ්‍යාපන ආයතන පනතෙහි නීතිරීතිවලට අදාළ ප්‍රතිපත්ති හා වාර්ෂික අයවැය වලට අනුකූලව ය.
පීඨ සහ අංශවල අරමුණුවලටඅනුව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ දී ඇගයීම් හා නියාමන ක්‍රියාවලියක් ද ක්‍රියාත්මක වෙයි.
බාහිර ආයතන පිළිබඳ ඒකකය වග කියනු ලබන්නේ විදේශීය අරමුදල් හා ව්‍යාපෘති පිළිබඳව ය. අදාළ දේශීය හා විදේශීය ආයතන ද සම්බන්ධීකරණය කරය.ඊට අමතර ව විදේශීය
ශිෂ්‍යත්ව හා මිත්‍රත්ව ශිෂ්‍යත්ව සඳහා ද වග කියනු ලැබේ.